මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අද ඉවත් වුණා. ඒ, එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි. අනතුරුව නඩු විභාගය කල් තැබුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
Neth