මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මෙරට නිෂ්පාදනය කෙරෙන මත්පැන් සහ බීර බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකරය අගෝස්තු 15 වනදා හදුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා බාකොර්ඩ් හෙවත් කේතයක් සහිත ස්ටිකරයක් හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි.
ඉදිරි මාස 03 තුලදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න මුදලක් අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.
The world's largest star sapphire cluster which was found in a backyard in Pelmadulla is expected to be sold at a gem auction in China in November, the Daily Mirror learns.
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරඟකරන අවස්ථාවලදී ඇදීම සඳහා නිළ ඇදුමක් සකස් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මේ වන විට විවේචන එල්ළවනවා. සමාරම්භක උත්සවය, පුහුණුවීම් සඳහා ඇඳුම් සකස් කළද ක්‍රීඩා කරන අවස්ථාවේදී එවැනි ඇඳුමක් සකස් කිරීමට නොහැකි වූ හේතුව කුමක්දැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරි සති දෙකේදී නව රූපවාහිනී චැනල් හයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ දිනයේදී ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී ඇත.
අත්‍යවශ්‍ය වාහන හැර නව වාහන මිලදී ගැනීම් , සේවකයන් බඳවා ගැනීම් ඇතුළු ක්‍රියා මාර්ග කීපයක් දැඩි ලෙස අධෛර්යමත් කරමින් ලබන වසරේ (2022) අයවැය සකස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ එකඟතාව පළකර ඇත.
රටපුරා පිහිටි සංවර්ධන උනතා සහිත නගර 100 සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අගමැතිවරයා විසින් ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන්කර තිබෙනවා.
ජපානයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Page 321 of 641