සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද උද්ඝෝෂණ සඳහා සෙනඟ ඒකරාශී වීම රටපුරා කොවිඩ් පැතිරීම වේගවත් වීමට හේතුවී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ගතවූ මාසයක කාලය තුළ රටපුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති අතර ඒ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇතැයි බුද්ධි අංශ සඳහන් කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ.
ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


(LNW)