රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත් රට තවදුරටත් වසා නොතැබීමට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
මේ අතර මෙතෙක් කොරෝනා එන්නත ලබා ගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ස්ථාපිත මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගත හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේ අවස්ථාව තිබියදීත් එන්නත ලබා නොගෙන සිටින පුද්ගලයින් හදුනා ගැනීමට අද දිනයේද විමර්ශන ආරම්භ කරන බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස හදුනා ගැණුනු පුද්ගලයින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩංගණයට රැගෙන විත් එන්නත ලබා දීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර තවත් ” සයිනොෆාම් ” එන්නත්, මාත්‍රා 18 ලක්ෂ හැට දහසක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. ඒ, චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්. මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැණුනා.
(Neth)