Sunday, February 22, 2026
Follow Us
කිරිපිටි මිල ඉහල නොදමන බව රජය කියයි

කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කිරිපිටි හිගයක් පවතින බවයි පාරිභෝගිකයින් ඉකුත් දිනවල සඳහන් කළේ.

(Neth)