Sunday, February 22, 2026
Follow Us
කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

කොරෝනා මරණ වැඩි නිසා ගත් තීරණය


කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් ගණන ඉහළ යන බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් පවතී.

මේ හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

(Aruna)