Sunday, February 22, 2026
Follow Us
ගෑස් ප්‍රශ්නයට විසදුම ලබන සතියේ

වෙළෙඳපොළේ පවතින ගෑස් අර්බුදයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමෙන් පාරිභෝගිකයින් සියයට විස්සක් පමණ අපහසුතාවයට පත්ව ඇති බවයි.

ලාෆ් ගෑස් අඩුව පිරවීම සදහා ලිට්රෝ ගෑස් සමාගමේ දෛනික ගෑස් සිලින්ඩර් අලෙවිය අසු දහසේ සිට ලක්ෂය දක්වා වැඩි කිරිමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

(Aruna)