විවාහ මංගල උත්සව පැවැත්වීමට අදාලව නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනය කර තිබෙනවා. රටතුළ පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා එම සංශෝධන සිදුකර තිබේ.
දැනට මංගල උත්සවයක් සඳහා උපරිම සහභාගි විය හැක්කේ පුද්ගලයන් 150 කට පමණි. කෙසේ නමුත් නවතම සංශෝධනවලට අනුව 150 දෙනෙකු සහභාගි කරගත හැක්කේ අවම වශයෙන් පුද්ගලයන් 500 කට වැඩි ප්‍රමාණයකට පහසුකම් ලබාදිය හැකි උත්සව ශාලාවල පමණි.
උත්සව ශාලාව, 500 කට අඩු ප්‍රමාණයකට පහසුකම් සැළසිය හැකි ස්ථානයක් නම්, මංගල උත්සවය සඳහා සහභාගි විය හැකි උපරිම ප්‍රමාණය 100 දෙනෙකු පමණි.
මීට අමතරව අවමංගල උත්සවයක් සඳහා සහභාගි විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව උපරිම 25 කට සීමා කර තිබෙනවා.
(LNW)