Sunday, February 22, 2026
Follow Us
පෞද්ගලික අංශයේ ගැබිණි සහ කිරි දෙන මව්වරුන්ටත් සහනයක්

කොරෝනා අවදානම හමුවේ රාජ්‍ය සේවයේ ගර්භණි මව්වරුන්ට හා වයස අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට ලබාදුන් සහනය පෞද්ගලික අංශයේ මව්වරුන්ටද ලබාදෙන ලෙස කම්කරු දෙපාර්මේන්තුව සේවා යෝජකයින්ට දැනුම් දෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තී නෙත් නිවුස් වෙත පැවසුවේ මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

කොරෝනා අවදානම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ලද පැමිණිළි 11,000 කට අධික සංඛ්‍යාවකට විසදුම් ලබාදුන් බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)