අභිනවයෙන් පත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (2021 අගෝස්තු 18) දින අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගත්තේය. මේ අවස්ථාවට, නික්ම යන විදේශ කටයුතු අමාත්‍ය සහ නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා; කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා; කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා; පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මැතිතුමා, සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වුහ. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී ආශීර්වාද කළහ.
වාහන 164ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එයට අනුමැතිය හිමිව තිබේ.
පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අවම වශයෙන් රට සතියකට හෝ වස දමන ලෙස විශේෂයෙන් සෞඛ්‍ය අංශ වෙතින් බලකෙරෙමින් තිබුණද රට වසා දැමීමේ හැකියාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
වෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක්ම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (17) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළේය.
Mayoress of Colombo Rosy Senanayake yesterday requested for the closure of all business establishments in Colombo city as a precaution to contain COVID 19 pandemic.
The Health Ministry today issued a set of new health guidelines to be followed by the general public until August 31.
Energy Minister Udaya Gammanpila requested the public to use fuel economically in view to save foreign currency to bring in the much-needed medicines and vaccines.
රට වසා දමා බේරාගත හැකිව තිබුණු කාලය ඉක්මගොස් ඇති බවත් රටේ පවතින කොවිඩ් තත්වය එතරම්ම දරුණු හෙයින් ජනතාව සත්‍යයට මුහුණ දිය යුතු බවත් ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂණ සුව වන තුරු නිවසේ රැඳී සිටීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
රටක් ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්ණායකයක් නොමැති බවත් එය තීරණය වන්නේ ඒ ඒ රටෙහි ආර්ථික සහ සමාජයීය හැකියාවන් ඇතුළු සියලුම සාධක අනුව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබෙනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. එම තීරණය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.
Page 309 of 641