Saturday, February 21, 2026
Follow Us
සුදු සීනි මිල ද අඩු කිරීමට ඉදිරියේදී පියවර

සුදු සීනි මිල ද අඩු කිරීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

සුදු සීනි කිලෝග්‍රෑමයක් මේවනවිට වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 220 කටත් අධික මිලකටයි.

අනිද්දා සිට රතු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130 කට සතොස සහ සමූපකාර අලෙවිසැල්වලින් ලබාගත හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සීනි තොග සැගවූ ගබඩා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ තොරතුරු වේ නම් 19 යි 77 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දිය හැකි බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

මේ අතර වී තොග සගවාගෙන ඇති ගබඩා සොයා ද වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කට මේවනවිට මුද්‍රා තබා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

(Neth)