Saturday, February 21, 2026
Follow Us
ලබන මස සිට ගුරැ වැටුප වැඩිවේ

දරැවන්ගේ අනාගතය ගැන හිතා කැබිනට් එක තීන්දුවක් ගනී


වහාම ක්‍රියාත්මක වන ලෙසට ගුරු වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීමට කැබිනට් හමුවේදී තීරණය වී තිබේ. ඒ ගුරු ගැටුප් සම්බන්ධව පත් කළ කමිටු යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන්නේ ගුරු ගැටලුව විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි. මේ අනුව බොහෝ පාසල් පළාත් සභා යටතේ පාලනය වන පාසල් වීම නිසා, වහාම ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමක් ජනපතිවරයා විසින් කැඳවා තිබේ. එහිදි පළාත් සභා මට්ටමින් පවතින ගැටලු විසඳීමට ජනපතිවරයා විසින් උපදෙස් ලබා දීමට නියමිතය.

මෙහිදි ගුරු සේවාව සංවෘත සේවාවක් කිරීමේ ඉල්ලීම පිළිබඳව සොයා බලන ලෙසට අගමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ. මේ අනුව මහජනතාවට ගැලපෙන ලෙස ගුරු සේවාව, සංවෘත සේවාවක් කිරීමට අගමැතිවරයා විසින් උපදෙස් දී තිබේ.

මෙහිදි ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයාට ප්‍රකාශ කළේ ඊළඟ අයවැයේදි ගුරු වැටුප් වැඩි කිරීම සිදු කරන ලෙසයි. එහිදි මුදල් ඇමතිවරයා විසින් අයවැයෙන් වැටුප් ගැටලුව විසඳීමටත්, අයවැය තෙක් මාසයකට රුපියල් පන්දහසක දීමනාවක් ගුරුවරුන්ට ගෙවීමට තීරණය කර තිබේ.

(Aruna)