Saturday, February 21, 2026
Follow Us
රුපියල් 5000 දීමනාවක් ලැබෙන පිරිස

ගුරුවරුන්ට රුපියල් 5000 බැගින්


ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කරන තුරු මාස 2 ක කාලයක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට ඇමැති මණ්ඩලය ඊයේ (30 වැනිදා) තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය පිළිගන්නා ලදී. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස දෙක සඳහා රුපියල් 5000 ක මුදලක් ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමටය. ඇමැති අනුකමිටු යෝජනාව එළැඹෙන අයවැයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

(Aruna)