Friday, April 24, 2026
Follow Us
රට තුළට ඩොලර් මිලියන ගණනින් එයි

ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබෙනවා.

චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබීමට නියමිතයි.

(Aruna)