රටතුල උද්ගත වූ සීනී අර්බුදය විසඳීමට රාජ්‍ය සීනී සමාගම් දෙකක් සීනි ආනයනය කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු සදහන් කළේ ඒ හරහා පාරිභෝගිකයින්ට උපරිම සහනාදායී මිලකට සීනි මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
මෙරට තුළ සීනී නිෂ්පාදනය වැඩි කිරීමටද රජය මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවද ඔහු සදහන් කළා.
ඒ අනුව ඉතිහාසයේ වැඩිම සීනී ප්‍රමාණය මෙම වසරේදී රට තුළ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)