Saturday, February 21, 2026
Follow Us
ගුරු සේවය සංවෘත සේවාවක් කිරීම අයවැයට පෙර - අධ්‍යාපන ඇමති ගෙන් ප්‍රකාශයක්

ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්තියක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ගුරු, ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත සේවාවක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට ද ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැටුප් විෂමතා අයවැය මගින් ඉවත් කෙරෙන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලට රුපියල් 5,000 ක විශේෂ දීමනාවක් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී සඳහන් කළා.

(Neth)