Saturday, February 21, 2026
Follow Us
රුපියල් 2,000 දීමනාව නොලැබුණු පුද්ගලයින්ට දැනුම් දීමක්

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ සුදුසුකම් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 දීමනාව ලබාදී අවසන් බවයි.

(Neth)