Saturday, February 21, 2026
Follow Us
කොවිඩ් දේහ භූමදානය ගැන අලුත් තීරණය

වැඩිවන කොවිඩ් මරණ සම්බන්ධයෙන් අමාත්‍යංශ ගත් තීරණයක්


කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවලින් තවත් සුසාන භූමි තුනක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

කොවිඩ් සිරුරු භූමිදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේදී පුළුල් කර තිබේ.

අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ කරුණු ගණනාවක් සැලකිල්ලට ගනිමින් කරුණු අධ්‍යයනයක් තාක්ෂණික කමිටුව විසින් සිදු කරගෙන යන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියේ කොවිඩ් සිරුරු 2264 ක් මේ දක්වා භූමිදානය කර තිබේ.

එහි භූමදානය කළ වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයින් වන අතර ඒ අනුව මුස්ලිම් භක්තිකයන් 2070ක් භූමදානය කර තිබේ.

මෙයට අමතරව හින්දු භක්තිකයන් 98දෙනෙකුත්, බෞද්ධාගමිකයන් 55දෙනෙකු සහ කතෝලික ආගමිකයන් 41දෙනෙකු ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

(Aruna)