Saturday, February 21, 2026
Follow Us
ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද

ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ප්ලාස්ටික්වලින් සකස් කරන ලද කෝප්ප, ගෑරප්පු, පිහි, ඉදිආප්ප වට්ටි, හැඳි, බීම බට සහ පොලිතීන්වලන් සකස් කෙරුණු මල්මාලා ආදිය ඊට අයත් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

සැෂේ පැකට් ඇතුලු එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 05 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය මීට පෙර පියවර ගත්තා.

පරිසරයට හානි සිදුකරන මෙවැනි ද්‍රව්‍යවලින් මෙරට පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සදහා මෙවැනි තීන්දු ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

 

(NEth)