Saturday, February 21, 2026
Follow Us
ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබනවාද ? තීරණය කරන හැටි ඇමති රමේෂ් පතිරණ කියයි

ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න පවතින තත්ත්වයන් අධ්‍යයනය කර තීරණය කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 498 දෙනෙකු අද පෙරවරු 06 න් අවසන් වූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන 42 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 62,085 ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 13 කදී වාහන 805 ක් සහ පුද්ගලයින් 1792 දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)