මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර ලබාදුන්නේ රජය විසින් බවත් එසේ කළේ මේ වනවිට ගම්මාන තුළ පැතිර යන නීත්‍යානුකූල නොවන මත්පැන් ජාවාරම්වලින් ජනතාව බේරාගැනීම සඳහා බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීම හරහා රට වසා දමා ඇති සමයේ මසකට රුපියල් කෝටි 1,500 ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු දොපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ මෙම සමයේ සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 4000ක් තරම් වන මිලකට ඉහල ගොස් ඇති බවට වාර්තා වන බවයි.
ඉදිරි මාස හයක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම එළිදැක්වීම 2021 ඔක්තෝබර් 01 වනදා සිදුකිරීමට නියමිත බව නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
රට තුළ කොරෝනා අවධානම පැවතියද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවද අඛණ්ඩව සිය සේවා සපයනු ලබනවා. බහලුම් ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ගමන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ද අඛණ්ඩව රාජකාරීවල නිරත වන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලාල් අල්විස් සඳහන් කළේ.
A Red alert on thundershowers accompanied by severe lightning has been issued for 14 districts, the Department of Meteorology said today.
රට තුළ කොරෝනා අවදානම පැවතිය ද අපනයන ආදායම ඉහළ නැංවීමට සිය රාජ්‍ය අමාත්‍යාංශයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවෙමින් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක අමාතයංශය අවධාරණය කරනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ ගුවන් තොටුපළේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට විද්‍යුත් තැපෑලෙන් ව්‍යාජ තොරතුරක් පමණක් ලැබී ඇති බවයි.
ගුරු වර්ජනයට අදාළ හේතූන් සාධාරණ හෝ අසාධාරණ වුවත් ඒ වර්ජනය තමන් කිසිසේත් සාධාරණීකරණය නොකරන බවත් තමන් ඒ වර්ජනය දෙස බලන්නේ ත්‍රස්තවාදය විනාශ කළ දැක්මෙන්ම බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
Page 299 of 647