The government is in the process of revising prices of essential items such as rice, sugar, milk powder and domestic gas, a minister said yesterday.
වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රජයට දෛනිකව අති විශාල වැය බරක් දැරීමට සිදුව ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක පවසනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි තනතුරේ තාවකාලික පදනමින් රාජකාරී ආවරණය සඳහා පත් කර තිබෙනවා.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජයේ ආදායම් විශාල ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. මේ නිසා රාජ්‍ය ආයතන නඩත්තු කිරීමද අසීරු වී තිබේ.
මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත් මාත්‍රා 120,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
Page 298 of 647