Saturday, February 21, 2026
Follow Us
දරුවන්ට දෙන එන්නත ගැන තීරණයක් ගනී

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද ෆයිසර් එන්නත ලබා දෙනු ලැබේ.

දරුවන්ට කොරෝනා එන්නත්කරණය සිදු කරන දින සහ කාල වකවානු පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබේ.

(Aruna)