Saturday, February 21, 2026
Follow Us
රට විවෘත කරන දිනය ගැන ඉඟියක්

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල නොවී නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි


පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ද ගෙන තිබේ.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ.

දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බව දරුවන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටි අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

තරුණ තරුණියන් එන්නත්කරණයේ දී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තුවන තත්ත්වයක් දක්නට ලැබෙන අතර විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර සියලු එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලුදෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය නිලිකා මලවිගේ යන මහත්ම මහත්මීන් පෙන්වා දී තිබේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම මෙම අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබේ.

(Aruna)