Saturday, February 21, 2026
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.

(Neth)