Saturday, February 21, 2026
Follow Us
කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැන සහතිකයක්

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක අමාතයංශය අවධාරණය කරනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ ගුවන් තොටුපළේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට විද්‍යුත් තැපෑලෙන් ව්‍යාජ තොරතුරක් පමණක් ලැබී ඇති බවයි.

රටේ ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන රටේ සාමය කඩා කප්පල් කිරීම කිසි විටකත් ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බවට බංග්ලාදේශයේ සිට අනතුරු ඇගවීමක් ලැබී තිබූ බවටයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

(Neth)