Sunday, February 15, 2026
Follow Us
පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාදෙන ක්‍රමය මෙන්න

ප්‍රවාහන රාජ්‍ය ඇමතිගෙන් පෞද්ගලික බස් හිමියන්ට පණිවිඩයක්


පොදු ප්‍රවාහනය සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)