Sunday, February 15, 2026
Follow Us
විදුලි කප්පාදුව තව දින 4යි

ප්‍රවාහන-ඉන්ධන අර්බුදය ගැන බැසිල් කිව්ව කතාව


මාර්තු මස පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ​ඊයේ (28 වැනිදා) දැනුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදයද මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ විශ්වාසය පල කළේය. තවද දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය. එය ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දු විය.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

(Aruna)