Sunday, February 15, 2026
Follow Us
ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට සිදු‌වෙයි

තෙල් මිල ගැන විතරක් මගෙන් ඇයි නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ?


ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇති බව බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අඛණ්ඩව ඩොලර් දෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කළ හැකි බව බලශක්ති අමාත්‍ය පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමින්.

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම පාවිච්චි කිරීම බවත් ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.

ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල දී ගැනීම සඳහා අඛණ්ඩව ඩොලර් සැපයීමට මුදල් අමාත්‍යංශය සහතික වුව ද එය තවමත් ක්‍රියාත්මක වී නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම මාසය ඇතුළත ඉන්ධන මිල වැඩි නොවන්නේ ද? යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.

“අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි, තව පැය 24ක්වත් මම ජීවත් වෙනවා කියලා මට සහතික වෙන්නත් බැහැ. ඔබට ත් සහතික වෙන්න බැහැ. එතරම් අනිත්‍ය ලෝකේ, තෙල් මිල ගැන විතරක් මගෙන් ඇයි නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ?”

(Aruna)