හෙට (01) විදුලිය කැපෙන්නේ මෙහෙමයි
හෙට (01) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එ් අනුව හෙට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
එමෙන්ම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පැවසීය.
මේ හේතුවෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
හෙට (01) විදුලි කප්පාදුව සිදුකරන කාලසටහන මෙතැනින් බලන්න
(Aruna)