විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරේ.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ ඉන්පසුව බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී . ධර්මසේන ඊයේ (28 වැනිදා) පැවසීය.
කොවිඩ් වසංගත තත්ත්වය මත සාමාන්‍ය පෙළ සංගීතය, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වූ අතර මේ නිසා විභාග ප්‍රතිඵල නිකුත් කරන ලද්දේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවය. එම විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය දෙසැම්බර් මස දී පැවැත්විණි.
අයැදුම්කරුවෝ එක් ලක්ෂ හැට නව දහසක් පමණ මෙම විෂයන්වලට පෙනී සිටියහ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු ද කඩිනමින් සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
(Aruna)