Sunday, February 15, 2026
Follow Us
සහන මිලට කහ කුඩු සතොසෙන්

කහ කුඩු කිලොවක නව මිල මෙන්න


කහ කුඩු සහනදායි මිලකට සතොස හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් අද(28) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මේ අනුව පාරිභෝගිකයන්ට කහ කුඩු කිලෝවක් රුපියල් 2400 කට මිලදී ගැනීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ කහ කුඩු කිලෝවක් අලෙවි කෙරෙන මුදල රුපියල් 4000 ක් පමණ වේ.

කුළුබඩු සංස්ථාව අමු කහ කිලෝ තුන්ලක්ෂ පනස් දහසක් කට වැඩි ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)