Sunday, February 15, 2026
Follow Us
අද සිට කහ කිලෝවක් 2,400 කට

අද සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2,400 ක මුදලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ කුළුබඩු සංස්ථාව හා සතොස හරහා එම මිලට කහ මිලදීගත හැකි බවයි.

මේ වන විට කහවලින් රට ස්ව්‍යංපෝෂිත බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියා.

මේ වන විට ගොවීන්ගෙන් මිලට ගෙන ඇති වියළි කහ ප්‍රමාණය කිලෝ ලක්ෂ 05 ක්. වාර්ෂිකව මෙරට කහ කුඩු පරිභෝජන අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 7,500 ක්. මෙවර රට තුළ කහ කුඩු මෙටි්‍රක් ටොන් 11,000 ක් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අතිරික්තය අපනයනය කිරීමට ද නියමිතයි.

(Neth)