Chief of Defence Staff and Army Commander General Shavendra Silva said yesterday that the Sri Lanka Army does not mean harm to people whom they have committed to protect and neither does it hatch secret agendas as alleged.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ මොහොතේ රට තුළ පවතින බවයි එම සංස්ථාව පැවසුවේ. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති ඉන්ධන හිගය අද දිනයේදී අවසන් වනු ඇති බවටද එම සංස්ථාව විශ්වාසය පල කළා.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළ සාධනීය කරුණු ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දමා ඇති පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් විමසීමක් කලා.
මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අද සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේවනවිට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹි බවයි නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන තමා අත බවත් කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් තමන් එම වගකීම පැහැර නොහරින බවට තමා පත්කළ ජනතාවට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා. කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ පරිදි අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.
යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.
රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
අද දිනයේ නියමිතව තිබූ විදුලිය කප්පාදුව අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ අද දිනයේ පැය 04යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි.
මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවයි.
Page 204 of 647