Saturday, February 14, 2026
Follow Us
අද සිට ඉන්ධන බෙදා හැරීම වේගවත් කෙරේ

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ මොහොතේ රට තුළ පවතින බවයි එම සංස්ථාව පැවසුවේ. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති ඉන්ධන හිගය අද දිනයේදී අවසන් වනු ඇති බවටද එම සංස්ථාව විශ්වාසය පල කළා.

මේ අතර ගෑස් බෙදා හැරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ ඉහළ නිළධාරීන් අතර සාක්ච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඉකුත් 13 වනදා සිට දින 05ක කාලයක් ගෑස් බෙදා හැරීමේ කටයුතු නතර කර තිබුණා. ඒ, අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන්. ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉල්ලා අස් වුණේ ඒ අතරතුරයි.

(Neth)