විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළ සාධනීය කරුණු ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ජනතාවට වගකියන රජයක් බිහිකිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම්වලට ගරු කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්ලයාලය නිවේදනය කළා.
(Neth)