Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන මිල ගැන සිපෙට්කෝ තීරණය කල් දමයි

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දමා ඇති පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් විමසීමක් කලා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිළ ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. සියලුම වර්ගයේ ඩිසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 75කින්.

ඒ අනුව IOC සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 367ක්. ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වනවා. IOC සමාගම අලෙවි කරන සුපර් ඩිසල් ලීටරයක නව මිල රුපියල් 327ක්.

(Neth)