මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අද සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේවනවිට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹි බවයි නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
ඒ අනුව ගෘහස්ථ ස්ථානවලදී සහ පොදු ප්‍රවාහනයේදී හැර වෙනත් ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළා.
(Neth)