ගල් අඟුරු නැව් දෙකක් මුදාගැනීම කල්යයි
ගල් අඟුරු තොග නිදහස් කරගැනීම සඳහා මෙතෙක් ගෙවීම් සිදුනොකිරීමෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ කටයුතු අවදානමකට ලක්ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
ගල්අඟුරු මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ 20,000ක් රැගත් නෞකා දෙකක් පසුගිය 12 වනදා සිට මේ දක්වා නොරොච්චෝලේ ආශ්‍රිත මුහුදේ නැංගුරම් ලා පවතින අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක මුදලක් ගෙවිය යුතු බව ඔවුන් පෙන්වාදෙයි.
(18) දිනය වන විට අදාළ මුදල් නොගෙවන්නේ නම් ගල් අඟුරු තොග ගොඩබෑමකින් තොරව එම නෞකා පිටත්ව යන බවට අදාළ නැව් හිමියන් ප්‍රකාශ කර ඇති බව ඉංජිනේරු සංගමය පවසයි.
දෛනික විදුලි උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන ලක් විජය බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා දැනට පවතින ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ ලබන සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව සඳහන්ය.
මෝසම් සුළං සමය හේතුවෙන්බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග අප්‍රේල් මස අවසන් සතිය වන විට ගොඩබෑම සිදුකළ යුතු අතර ලබන සැප්තැම්බර් මාසයේ සිට මීළඟ ගොඩබෑමේ වාරය දක්වා වෙනත් කිසිදු ගොඩබෑමක් සිදුකළ නොහැකි බව ඉංජිනේරු සංගමය පෙන්වාදෙයි.
(Aruna)