Saturday, February 14, 2026
Follow Us
මහජන සෞඛ්‍ය සේවාව සම්පුර්ණයෙන් බිඳ වැටීමේ අවදානමක්

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටළු රැසක් මතුවිය හැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

(Neth)