Saturday, February 14, 2026
Follow Us
අදට නියමිතව තිබූ විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

අද දිනයේ නියමිතව තිබූ විදුලිය කප්පාදුව අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ අද දිනයේ පැය 04යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි.

ඒ අනුව A සිට L දක්වා කලාප දොළහේ සහ P සිට W දක්වා වන කලාප අටට උදෑසන නවයේ සිට සවස 06 දක්වා පැය 03ක කාලයක් සහ සවස 06ත් රාත්‍රී 10ත් අතර පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් විදුලි ජනනය සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වී ඇති බැවින් විදුලිය කප්පාදුව පැයකින් අඩු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ඒ අනුව අද දිනයේ විදුලිය කපා හැරෙන්නේ පැය 03 යි විනාඩි 20ක් පමණයි.

අද දිනයේ සංශෝධිත විදුලි කප්පාදු කාල සටහන පහතින් දැක්වේ.

plan

(Neth)