Saturday, February 14, 2026
Follow Us
අදත් පැය 3 මිනිත්තු 20ක කැපිල්ලක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් නිවේදනයක්


දිවයිනේ සියලුම කලාප වලට අද (19 වැනිදා) පැය තුනයි මිනිත්තු විස්සක විදුලි කප්පාදුවක් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L සහ P, Q, R, S, T, U, V, W ලෙස වෙන් කර ඇති කලාප වලට පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය දෙකක් සහ පස්වරු 05.00 සිට පස්වරු 09.00 දක්වා පැයයි මිනිත්තු විස්සක් විදුලි කප්පාදුව සිදු කෙරේ.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි පැවසුවේ සතියකට වැඩි කාලයක් මුහුදේ නවත්වා ඇති දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස්පන්දහසක් අඩංගු නැවට තවමත් මුදල් ගෙවා නොමැති බවයි. මේ වන විට කැලණිතිස්ස බලාගාරය සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් පන්දහසක තොගයක් පමණි.

(Aruna)