2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා. කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ පරිදි අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සතියක් හෝ සති දෙකක කාලය ඇතුළත යළි සලකා බලන බවද අධ්‍යාපන අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා.
අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන බළධාරීන් තීරණය කර තිබුණේ ඉකුත් කාලසීමාවේදී කොරෝනා ව්‍යාප්තිය හමුවේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම සැළකිල්ලට ගෙනයි. අතපසු වූ විෂයන් මුල් මාස තුන තුළ ආවරණය කිරීම ඉලක්ක කර ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා පැවතියද අද සිට පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන බවයි. පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමේ දී පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථ වලට යම් සහනයක් ලබා දීමට බළධාරීන් අවධානය යොමු කළ යුතු බවද සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පෙන්වා දෙනවා.
මේ අතර 2022 වර්ෂය සදහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හෙට සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. මුස්ලිම් පාසල් වල පමණක් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම මැයි මස පස්වනදා සිදුකිරීමට නියමිතයි.
(Neth)