රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කළ අයදුම්කරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුද හමුවේ අසල්වැසි ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එන් ඩී ටීවී නාලිකාවත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
තේ අපනයනයේදී රටට හිමි විය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සතියකට දෙවරක් සිදු කෙරෙන තේ වෙන්දේසිය සදහා අපනයනකරුවන් 300 ක් පමණ ඵක්වනවා. ඵහිදි මේ වන විට ඔවුන් මුදල් ගෙවනු ලබන්නේ රුපියල් වලින්.
කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
රට තුළ ඇති සහල් සංචිතය ලබන සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාණවත් වනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙලීම සිදුවන තෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට සිදුවන බවයි.
Students to national schools will not be admitted as long as an audit inquiry is concluded on the issue as a slew of misdeeds and misappropriations have been reported on the student admission system to National Schools, Education Minister Susil Premajayantha said yesterday.
Page 184 of 647