Friday, February 13, 2026
Follow Us
භූමිතෙල් පිරිපහදුව ආරම්භ වෙයි

අනවශ්‍ය පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසට දැනුම්දීමක්


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් භූමිතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

තවත් දින කිහිපයකින් භූමිතෙල් බෙදාහැරීමට හැකියාව ලැබෙන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් සංචිත නොමැති බැවින් අනවශ්‍ය පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවට දැනුම් දී ඇතත් අද (03) දිනයේත් මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබේ.

Aruna