කොළඹ ජනතාවට විශේෂ පණිවිඩයක්
කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ කටයුතු මේ වන ආරම්භ කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ කටයුතු මේ වන ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව වයස අවුරුදු 50ට වැඩි ඕනෑම අයෙකුට නගර සභා බල ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මගින් සිව්වන එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව රුවන් විජේමුණි වැඩිදුරටත් සදහන් කරයි.
Aruna