මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුද හමුවේ අසල්වැසි ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එන් ඩී ටීවී නාලිකාවත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ප්‍රධාන රට ඉන්දියාව බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා තවත් රටවල් ඉදිරිපත්ව සිටින නමුත් ඉන්දියාව මේවනවිටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.
චීනය හා ජපානය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ණය ලබාදෙන පාර්ශව 02 ක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවේ. ඒ අනුව චීනයෙන් ණය ලබාගැනීම හරහා ශ්‍රී ලංකාව වරදක් කර ඇත්දැයි එම සම්මුඛ සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදිනිය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට ඇතැම් තත්ත්වයන් පාලනය කිරීමට තිබූ බව හා ආර්ථිකමය ක්ෂේත්‍රයන් සංවර්ධනය සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවීමට තිබූ බවයි.
රට අර්බුද රැසකට මුහුණ පාමින් ඇති පසුබිමක් තුළ ශ්‍රී ලංකා රජය තමන් සතු ප්‍රධාන වත්කම් පෞද්ගලීකරණය කිරීමට තීරණ ගනිමින් සිටින බවත්, ඊට උදාහරණයක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දැක්විය හැකි බවත් එම මාධ්‍යවේදීනිය එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇයගෙන් විමසා සිටියේ ඉන්දියාව එයාර් ඉන්දියා ගුවන් සේවය අලෙවි කරන්නේ ඇයිදැයි යන්නයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවතින්නේ පාඩු ලබන තත්ත්වයක බැවින් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක ඒ වෙනුවෙන් තවදුරටත් සහය ලබාදිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
මේ අතර ජනතාවගේ විරෝධතා පවතින පසුබිමක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයින්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක් දැයි සම්මුඛ සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදිනිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන් නීතිමය තත්ත්වයන් උල්ලංඝණය කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.
එය රාජපක්ෂවරුන්ට පමණක් නොව ඕනෑම අයෙකු සම්බන්ධයෙන් වලංගු වන බවත්, නීතිය උල්ලංඝණය කර ඇති ඕනෑම පාර්ශවයකට දඬුවම්ද ක්‍රියාත්මක වනු ඇති බවත්, එම කටයුතු විමර්ශන ආයතන සතු බවත් අග්‍රාමාත්‍යවරයා අදාළ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.
Neth