කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබි තිබු අතර මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා.
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.
ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12දෙනෙක් ඉදිරිපත්ව සිටි. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බව නිලධාරීන් සඳහන් කර සිටියා.
සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් ඇති බව ජනාධිපතිතුමා මෙහිදී පවසා සිටියා.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවතින බවත්, යෝජිත අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇත. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇතැයි නිලධාරීහු පෙන්වා දෙනු ලැබුවා.
Neth