Friday, February 13, 2026
Follow Us
විශ්‍රාම වැටුප් ගෙවීමට විධිමත් වැඩපිළිවෙලක්

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප සෑම මසකම 7 වැනිදාට


ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

එහිදී එම මණ්ඩලය සඳහන් කළේ සෑම මසකම 7 වැනිදා වන විට ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

ඊට අදාළ නව වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍ය නිලධාරින් හරහා එය ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත.

Aruna