Friday, February 13, 2026
Follow Us
අගමැති රුසියාවට කරුණු පහදයි

රුසියානු ගුවන් ගැටලුව දෙරට අතර ගැටළුවක් නොවේ


රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියානු බලධාරීන් දැනුවත් කර ඇති බවට වාර්තා වී ඇත.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය පුද්ගලික නීතිමය ගැටලුවක් බවයි.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ දැනුවත් කිරිම සිදුකර ඇති බවට වාර්තා වී තිබේ.

රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පෞද්ගලික නීතිමය ගැටලුවක් වන බවත් ඒ පිළිබඳ වන අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දැනුවත් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් රුසියාවට දැනුම් දී තිබේ.

Aruna